ශ්‍රී ලංකා පිල දෙවනි ඉනිමට ලකුණු 345ක් රැස්කර ගනී

0
SL vs WI Second Test Match in Galle - ශ්‍රී ලංකා පිල දෙවනි ඉනිමට ලකුණු 345ක් රැස්කර ගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.

පස්වන දිනය සදහා මේ වන විට තරගය ආරම්භ වී තිබේ.

දෙවන ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල 9ක් දැවී ලකුණු 345ක් රැස්කර ගෙන සිටියදී පිළිතුරු දෙවන ඉනිම සදහා පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට මීට සුළු වේලාවකට පෙර ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු නොදැවී ලකුණු 155ක් රැස්කර ගැනීමට සමත් විය.

ධනංජය මෙලෙස වාර්තා කළේ ඔහුගේ ටෙස්ට් දිවියේ 8වන ශතකයයි.

පැතුම් නිශ්ශංක ලකුණු 66යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 204ක් රැස්කර ගත් අතර, කොදෙව් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 253ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පිල ලකුණු 296කින් ඉදිරියෙන් සිටියි.

මෙම තරගය ජය ගැනීම සදහා කොදෙව් පිල ලකුණු 297ක් ලබාගත යුතු වේ.