ලොවම සලිත කළ ඔමික්‍රෝන් ඉන්දියාවටත්

0
Omicron Come to India - ලොවම සලිත කළ ඔමික්‍රෝන් ඉන්දියාවටත්
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි.

එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක් කර්ණාටක ප්‍රාන්තයෙන් හඳුනාගත් බවය.

ඒ අනුව එරටින් මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමුවී ඇත්තේ පළමුවරටය.

දකුණු අප්‍රිකාවෙන් පළමුවරට හඳුනාගත් මෙම කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් 29කින් හමුවී තිබේ.