පොදු අපේක්ෂකයා වෙන්න මම කැමැතියි

0
Arjuna Ranathunga Redy fo Next Candidate - පොදු අපේක්ෂකයා වෙන්න මම කැමැතියි

හොරකම් නොකරන දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් ඉදිරි ඡන්දයකදී පොදු අපේක්ෂකයා වන ලෙස ආරාධනා කළහොත් ඊට ඉදිරිපත් වීමට අකැමැත්තක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග පවසයි.

රණතුංග මහතා ඊයේ (01 වැනිදා) දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේ බෞද්ධ රටේ සියලු දෙනා එකතු වී වැඩ කරන ක්‍රමයක් ඇති කරන ගමන් සියලු දෙනා එකතු වී හොරකම, දූෂණය, මර්දනය කිරීමට තරුණ පිරිස් ඉදිරියට ගෙන ආ යුතුයි. දේශපාලනයේදී ජාතීන් අතර පක්ෂ අතර ආගම් අතර බෙදීම් ඇති කරගත නොගත යුතුයි. පළමුවෙන් උඩම කෙනා හොරකම් නැවැත්විය යුතුයි. එවිට පහළ හොරකම් සිදුවන්නේ නැහැ. එවැනි කණ්ඩායමක් එකතු වුවහොත් රට ගොඩනැගිය හැකියි.”

ගෑස් සිලින්ඩරවල රසායනික ප්‍රතිශතය වෙනස් කිරීමට පෙර එයින් සිදුවන හානිය පිළිබඳව පළමුව සොයා බැලිය යුතුයි. අද වනවිට මේ රට මුදලටම යටවූ රටක් බවට පත්වෙලා. එය ක්‍රීඩාවේ මෙන්ම රටේත් සිද්ධ වීම අවාසනාවන්ත තත්ත්වයක් බව රණතුංග මහතා පැවැසීය.

ඉදිරි ඡන්දයේදී තරුණ ඡන්ද ලක්ෂ අටත් නවයත් අතර ප්‍රමාණයක් එකතු වීමට ඇති අතර ඒ අයට බොරු කර ඡන්ද ලබාගැනීමට නොහැකි බවද සඳහන් කළේය.