සෑම කාන්තාවක්ම භීතියෙන් බව ගීතා කුමාරසිංහ කියයි

0
Geetha Kumarasinha Statement of Gas Accidents in Parliament - සෑම කාන්තාවක්ම භීතියෙන් බව ගීතා කුමාරසිංහ කියයි

තමන් උදේ හවස වැඩකරන ගෑස් සිලින්ඩරය පිපිරී යයි යන භීතියෙන්, බයෙන්, සැකයෙන් සෑම කාන්තාවක්ම පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළාය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය.

“සෑම කාන්තාවක්ම භීතියෙන්, බයෙන්, සැකයෙන් ජීවත් වන අවස්ථාවක්. හේතුව, යුද සමයටත් වඩා තමන්ගේ නිවසේ තමන් උදේ හවස වැඩ කරන, ගෑස් එක පුපුරාවි කියන භයානක සිතුවිල්ලෙන් සෑම කාන්තාවක්ම ජීවත් වන බව නොරහසක්. මේ ගෑස් කෑන් පුපුරා යාම පිළිබඳව නිසි පියවර කුමක්දැයි කියා තාමත් අපිට තේරුම් ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඒ සමාගමේ ම අය කියනවා මේ ප්‍රමිතිය බාලයි. මේ ප්‍රමිතිය හරියට කෙරෙන් නෑ කියලා. ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මේ රටේ කාන්තාවට නිදහසේ නිවහල්ව සතුටින් ජීවත් වීමේ අවස්ථාව ලබාදෙන්න කියලා රජයේ සියලු පාර්ශවකරුවන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා.”