සවස 4.15න් පසුව විදුලිය බිඳවැටුනොත් වෙන දේ

0
Kumarawadu Statement of Power Outage - සවස 4.15න් පසුව විදුලිය බිඳවැටුනොත් වෙන දේ
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පිරිසක් ආරමභ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය ඊයේ සිට දැඩි කළ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේය.

යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමෙරිකා සමාගමකට විකිණීමට එරෙහිව ලංවීම ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගය ඉකුත් දා ආරමභ කළ නමුත් ලංවීම පාලනාධිකාරියේ කටයුතු තවදුරටත් පීඩාකාරී හෙයින් එම ක්‍රියාමාර්ගය දැඩි කළ බව කුමාරවඩු මහතා පැවසුවේය.

ඒ අනුව දිනපතා පස්වරු 4.15 න් පසුව කිසිදු රාජපකාරියකට සම්බන්ධ නොවන බව ද ඔහු කීය.

ඊයේ සිට, සවස 4.15න් පසු සිදුවෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බවද ඔහු ප්‍රකාශ කළේය.