ශ්‍රීපාද වන්දනාව ගැන මහජනතාවට දැනුම් දීමක්

0
Dhammadinna Thero Statement of Pilgrimage to Sripadaya - ශ්‍රීපාද වන්දනාව ගැන මහජනතාවට දැනුම් දීමක්
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් මෙවර ශ්‍රීපාද වන්දනා සමය සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසයි.

වන්දනාකරුවන් කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒමෙන් බාධාවකින් තොරව ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමට හැකි වනු ඇති බව උන්වහන්සේ පැවසීය.

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරකම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වී ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින දක්වා වන අතර එම කාලය තුළ ජාති ආගම් කුල බේදයකින් තොර ව දෙස් විදෙස් බැතිමතුන් විශාල ලෙස ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ආකාරය දැකගත හැකිය.

කෙසේ වෙතත් කොවිඩ් තත්ත්වය හමුවේ පසුගිය වසර 2ක කාලය තුළ සැදැහැවතුන්ට සාමාන්‍ය පරිදි ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමට අවස්ථාව හිමි වුණේ නොවීය.