වැලිගම නිවසක ගින්නකින් වයස හතක පාසල් දැරියක ජීවිතක්ෂයට

0
Weligama Child Death by Fire - වැලිගම නිවසක ගින්නකින් වයස හතක පාසල් දැරියක ජීවිතක්ෂයට

වැලිගම වල්ලිවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එම නිවසෙහි පදිංචිව සිටි වයස හතක් වන පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම මුලස්ථාන පොලිසිය කියයි.

මෙම ගින්න ඊයේ රාති දහයට පමණ සිදුවී තිබිණි.පිලිස්සී මියගිය දැරියගේ මව කොග්ගල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට රැකියාවට ගොස් නැවත නිවසට පැමිණීමට නියමිතව තිබිණි.

එ බැවින් වයස දහතුනක් වන වැඩිමහල් දියණිය සහ මියගිය දියණිය සහ ආච්චි නිවෙසෙහි තබා දරුවන්ගේ පියා විසින් වැඩට ගිය බිරිඳ රැගෙන ඒමට කප්පරතොට බස් නැවතුම්පොළ අසලට ගොස් තිබූ අතුරතුර මෙම ගින්න ඇතිවී තිබෙි.

එහිදී ගිනි ගැනීමේ දී ඇතිවූ සද්දය ආච්චී සහ වැඩිමහල් දියණිය නිවසින් එළියට පැන ගැනීමට කටයුතු කර ඇත.

මෙම නිවස ගිනි ගැනීම දැක තිබු අසල්වාසීන් විසින් හැකි ඉක්මනින් ගින්න නිවා දැමීමට උත්සාහ කර තිබූ අතර එය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබිණි.

එහිදී වැලිගම පොලිසියේ සහාය මත මාතර ගිනි නිවීමේ රථ දෙකක් ගෙන්වා හැකි ඉක්මනින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබිණි

කෙසේ නමුත් කාමරයෙ නිදාගෙන සිටි වයස හතක් වන දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක් දැඩි ලෙස පිලිස්සීමට ලක්ව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිගේ මෙහෙයවිම විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු මෙහෙයවති.