තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

0
Isolated area in sri lanka today - ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

අද (20) උදෑසන සිට තවත් ප්‍රදේශ පහක් හුදෙකලා කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා.

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් දැනගත හැකියි.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ ගණන ඊයේ දිනයේ වාර්තා විය.

ඒ අනුව ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වනවා.

මේ අතර දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඒ ආසාදිතයින් 3,623ක් ලෙසින්. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 151,343ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 122,367ක් වනවා. මේ වන විට සක්‍රියව පවතින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,925ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

එම පුවත පහලින්…

https://newsweb.lk/ආසාදිතයින්-සහ-මරණ/

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/