සැමියා නැති ගෙදරට ආ ත්‍රිරෝද රථ රියදුරා නිසා ඇතිවූ ගැටුමෙන් අයෙක් මරුට

0
Younger Man Dead by Fight - සැමියා නැති ගෙදරට ආ ත්‍රිරෝද රථ රියදුරා නිසා ඇතිවූ ගැටුමෙන් අයෙක් මරුට

පුත්තලම දෙවන හරස් වීදිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් එක අයෙක් තවත් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි අනුරාධපුර පාර, පුත්තලම ලිපිනයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්දයෙන් 33 හැවිරිදි තිල්අඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අතර, එම කටයුතුවලදී හඳුනාගත් කාන්තාවකගේ නිවසට ඊයේ (29) පෙරවරුවේ පැමිණ ඇත.

එම අවස්ථාවේදී කාන්තාවගේ අසල්වාසි ඥාතීන් තිදෙනෙකු පැමිණ මෙම සැකකරු සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ.

එහිදි ඇතිවූ පහරදීමකදී මෙම ඝාතනය සිදු වී ඇත.

එම කාන්තාවගේ සැමියා විදේශ රටක සේවය කරන බව පොලීසිය සඳහන් කළේය.

සැකකාර ත්‍රිරෝද රථ රියදුරු අද (30) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.