පෝට් සිටි පනත කල් දමන්න – ඇල්ලේ ගුණවංශ හිමි සහ කාදිනල් හිමි

0
Port City Act - පෝට් සිටි පනත

කොවිඞ් වසංගතය හමුවේ කොළඹ වරාය නගර පනත (පෝට් සිටි පනත) හදිසියේ සම්මත නොකර කල්දමන ලෙස ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති.

ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ කොළඹ අගරදගුරු හිමිපාණන් කොළඹදී  මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසූහ.

ජනතාවට බලපාන පනතක් හදිසියේ සම්මත කළ යුතු නැති බවත් ඒ ගැන ජනතා අදහස් ද ලබා ගත යුතු බවත් ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පැවසූහ.

මේ මොහොතේ දෙදෙනකුට එක් වී කතා කිරීමට බැරි තත්ත්වයක මෙලෙස හදිසියේ පනත සම්මත කරගැනීමට උත්සහ දැරීම ගැන සැකයක් පවතින බවයි උන්වහන්සේ පැවසූහ. ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ මෙසේ ද පැවසූහ.