නුවරඑලියේ සංචාරක හෝටලයකින් ඇදවැටී කලමණාකරුවෙකු මරුට

0
Nuwara Eliya Hotel Manager Dead by Falling Down - නුවරඑලියේ සංචාරක හෝටලයකින් ඇදවැටී කලමණාකරුවෙකු මරුට

නුවරඑලියේ පිහිටි ප්‍රධාන සංචාරක හෝටලයක පස්වන මහලෙන් බිමට වැටී එම හෝටලයේ සේවය කල කලමණාකරුවෙකු අද අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ එම හෝටලේ පවත්වාගෙන ගිය වෙලදසැලක කලමණාකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.

ඔහුගේ වයස අවුරුදු 47ක් වන අතර ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලය පැවැත්වූ සාදයකින් අනතුරුව එයට සහභාගි වී සිටි සේවකයින් පිරිසක් විසින් මෙම කළමනාකරුව ඔහුගේ කාමරය වෙත ඇරලවා තිබෙනවා.

එහිදී කාමරයේ ජනේලය මත රැදි සිටි කලමණාකාරවරයා අද අලූයම 1.45 ට පමණ පහලට වැටි ජිවිතක්ෂයට පත් වි ඇතිබවයි පොලිසි සැකපළකරන්නේ.

සිද්ධි සම්බන්ධයෙන් නුවර එළිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයනවා. මේ අතර මීගමුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකින්ද මෙවැනිම සිදුවීමක් ඊයේ වාර්තා වුණා.

එහිදී මීගමුව කෙලින්වීදියේ අවන්හලක පඩිපෙළකින් ඇද වැටී එහි ප්‍රධාන සූපවේදියා මියගොස් තිබුණා.