රට වහන්න ඕනෑ වුණොත් නිර්දේශ ලබා දෙනවා

0
Upul Rohana Statement of Lockdown Recommendation - රට වහන්න ඕනෑ වුණොත් නිර්දේශ ලබා දෙනවා

එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමට අවශ්‍ය වුවහොත් අකමැත්තෙන් වුවත් නිර්දේශ ලබා දීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ මේ වන විට පොදු ප්‍රවාහන සේවාවල පවා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීම ඉතාම දුර්වල මට්ටමක පවතින බවයි.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන බොහොමයක්ම සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවද උපුල් රෝහණ මහතා චෝදනා කලා.