අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

0
Negombo Hotel Chef Dead Falling Down - අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

මීගමුව කෙලින්වීදියේ අවහන්හලක පඩිපෙළකින් ඇද වැටී එහි ප්‍රධාන සූපවේදියා මියගොස් තිබෙනවා.

මෙම අවන්හලට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් එහි කළමණාකාරිත්වය විසින් මත්පැන් සාදයක් සංවිධාන කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එම සාදය අවසානයේදී මරණකරු ඔහු නවාතැන්ගෙන සිටි අවන්හලේ හතරවන මහලේ කාමරය වෙත යාමට පිටතින් සවිකර ඇති පඩිපෙල නැගීමට යාමේදී ඉන් ඇදවැටී හිසට බරපතල තුවාල සිදුවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වන වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීගමුව පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.