මැති ඇමතිවරුන් සිටි වේදිකාවට ගොඩවූ හිමිනමක් ආණ්ඩුවට දැඩිව දෝෂාරෝපණය කරයි

0
Criticism to Government by Mathara Thero - මැති ඇමතිවරුන් සිටි වේදිකාවට ගොඩවූ හිමිනමක් ආණ්ඩුවට දැඩිව දෝෂාරෝපණය කරයි

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර හක්මණ ප‍්‍රදේහයේ පැවති උත්සවයක වේදිකාවට ගොඩ වූ භික්ෂූන් වහන්සේ නමක් ආණ්ඩුවට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කළේය.

හක්මන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය ගැටමානේ ධම්මාලංකාර හිමියෝ එසේ චෝදනා එල්ල කළහ.

අද හැටනම දක්ෂිණ හැට ලක්ෂයක් ඉන්නේ වේදනාවෙන් බවද පැවසූ උන්වහන්සේ මේ ආණ්ඩුව රටට කළ වැඩේ කුමක්දැයි ප්‍රශ්න කළහ.

රටට ආදරයක් ඇත්තේ නම් වසර දහයකට රට හමුදාවට භාර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ එහිදී කියා සිටියහ.