අවසරයකින් තොරව ජනතාවට තොරතුරු සපයන්න එපා. – රජය සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙයි

0
මින් ඉදිරියට ජනමාධ්‍යට තොරතුරු ලබා දිය හැක්කේ අවසර ලත් පුද්ගලයින්ට පමණයි

රේඛීය අමාත්‍යංශය යටතේ සහ පළාත් සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි සේවය කරන වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුලු නිලධාරීන් විසින් සෘජුව මහජනතාවට තොරතුරු ලබා දීම හරහා සෞඛ්‍ය සේවාව පිළිබඳව ඇති විශ්වාසය කඩවන බවත් , එනිසා සෘජුව මින් ඉදිරියට අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් නොකරන ලෙසත් නියෝග කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම් වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් උපදෙස් කඩකරන්නන්ට එරෙහිව ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට අනුකූලව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින්

අවසරයකින් තොරව ප්‍රකාශ