කොත්තුවක් රු.10කින් සහ කෙටි ආහාර රු. 05කින් වැඩි කෙරේ

0
Kottu and Short Eats Price Hike - කොත්තුවක් රු.10කින් සහ කෙටි ආහාර රු. 05කින් වැඩි කෙරේ
හෙට සිට කොත්තුවක් රුපියල් 10කින් හා රෝල්ස්, පරාටා වැනි කෙටි ආහාර රුපියල් 05කින් ඉහළ දැමීමට ආපනාශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

වෙළදපොලේ පවතින තිරිගු පිටි හිගය සහ තිරිගු පිටි මිල රුපියල් 17කින් වැඩිකර තිබීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එලෙස තිරිගු පිටි මිල රුපියල් 17කින් වැඩිකර තිබීම පිටි සම්බන්ධයෙන් වර්තමානයේ සිදුකර ඇති වැඩිම ඉහළ දැමීම බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ආපනාශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ.