වෑන් රථයක් දුම්රියක ගැටෙයි

0
Train and Van Accident in Ambalangoda - වෑන් රථයක් දුම්රියක ගැටෙයි

අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය සහ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අතර පිහිටි හරස් මාර්ගයක් වන දෙවට ප්‍රදේශයේදි දුම්රියක වෑන් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

අද පෙරවරු 7.40ට පමණ අනතුර සිදුව ඇත.‍‍‍

මාතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාර සීග්‍රගාමී දුම්රියෙහි මෙම වෑන් රථය ගැටී තිබේ.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියැදුරු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.