මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළේ.. රථය සහ අයෙක් අතුරුදන්…

0
Person Missing by Car Accident - මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළේ.. රථය සහ අයෙක් අතුරුදන්...

මහනුවර, ගුරුදෙණිය මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මුදාගෙන රෝහල් ගත කර ඇති අතර මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු මෙතෙක් සොයාගෙන නැති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (27) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව තිබෙනවා.