රටවල් 6කට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක්

0
Travelers of Six Countries Ban by Sri Lanka - රටවල් 6කට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක්
අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල් සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළු වීම තහනම් කර තිබේ.

ඒ දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ය.

අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුම තහනම් වනු ඇති.