ආයුධ පෙන්වන්න ගිය ටින්කර් ලසන්ත මරුට

0
Underworld Gang Member Death by Police Shoot - ආයුධ පෙන්වන්න ගිය ටින්කර් ලසන්ත මරුට

පොලිස් අත්අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා අද අලුයම කළුතරදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියා සිටීයේය.

සැකකරු සඟවා තිබූ ආයුධ සෙවීමට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.