අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 205 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 734කි.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 560,339 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ගත් 471 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 528,400ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.