පාලම්පාරු පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක් නැගෙනහිරට

0
පාලම්පාරු පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක් නැගෙනහිරට
නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වන සියලුම පාලම්පාරු වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය පැවසුවේ ඒ සදහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවන බවයි.

එම කණ්ඩායමට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය, පොලීසිය ස නාවික හමුදා කණ්ඩායමක් පත් කරන බව ආණ්ඩුකාරවරිය පැවසීය.

පසුගියදා කන්නියා කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළී යාමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සදහා අද පෙරවරුවේ කින්නියා රෝහලට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව පැවසීය.