විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

0
විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්
දෙසැම්බර් 8 වන දින දිවයින පුරා සිටින සියලු විදුලි සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, ආණ්ඩුව විසින් රාජ්‍ය දේපල විදෙස්රටවලට විකිණීමට විරෝධය පළ කරමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවය.

මේ සඳහා ඛනිජ තෙල් සහ වරාය සේවකයින් ද සහයෝගය ලබාදෙන බව රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

“පසුගිය 3 වනදා ආයතන 3ක් තෙල්, වරාය, විදුලි, විරෝධාතා ව්‍යාපාරයක් කරලා ආණ්ඩුවට ඇනතුරු ඇඟවීමක් කළා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් වගේ වගක් නැහැ. ඉතින් අපි තීන්දුවක් ගත්තා. එළඹෙන දෙසැම්බර් 8 වනදා ලංකා විදුලබල මණ්ඩායේ සමස්ත සේවකයෝ පැය 24ක් ලෙඩවෙනවා. එක පැත්තකින් වරාය සේවකයා රොද බැඳගෙන කොටුව දුම්රියපොළ ඉදිරියට දහවල් 12ට එනවා. ලංකා විදුලිබල මණ්ඩලය එදාට ලෙඩ නිවාඩු වාර්තාකරලා දෙසැම්බර් 08 වනදා කොටුව දුම්රියපොළ ඉදිරියට එනවා. ඒ වාගේම තෙල් සංස්ථාවේ සේවකයෝ කොටුව දුම්රියපොළ ළඟට එනවා. දැවැන්ත උද්ඝෝෂණයක්. සේවකයින්ගේ විරෝධය, සේවකයින්ගේ වෛරය, සේවකයින්ගේ අප්‍රසාදය පළකරන සේවකයින්ගේ පෙත්සම අරගෙන අපි එනවා ජනාධිපති හමුවෙන්න. අපි මේක භාරදීලා කියනවා වරාය, විදුලිබලය, තෙල් රටේ ජනතාවගේ හෘද සාක්ෂිය විකුණන්න එපා කියලා අපි ආණ්ඩුවට බලකරලා කියනවා.”

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති දින දෙකේ සංඛේත වැඩවර්ජනය අද (25) දිනයේත් ක්‍රියාත්මක කර තිබේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, ඊයේ (24) පෙරවරු 7.00ට ආරම්භ කළ එම සංඛේත වැඩ වර්ජනය හෙට (26) පෙරවරු 7.00 දක්වා ක්‍රියාත්මක කරන බවය.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.