රාජ්‍ය සේවකයන්ට වයස 55 පිරුණු පසු කැමති නම් විශ්‍රාම යා හැකියි

0

ඕනෑම රාජ්‍ය සේවකයකුට ලබන ජනවාරි 1වැනිදා සිට වයස 55 පිරුණු පසු කැමති නම් විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ජාතික ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.