කතරගම ප්‍රාදේශීය සභාවේ අයවැය තෙවැනි වරටත් පරාද වෙයි

0
කතරගම ප්‍රාදේශීය සභාවේ අයවැය තෙවැනි වරටත් පරාද වෙයි

පොදුජන පෙරමුණට බලය හිමි කතරගම ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය තෙවැනි වරටත් වැඩි ඡන්ද 10 කින් පරාජය වී තිබෙනවා.

අද දින පැවති ඡන්ද විමසීමේ දී අයවැය ලේඛනයට පක්ෂව සභාපතිවරයාද ඇතුළුව ඡන්දය ලබා දී තිබුණේ තිදෙනකු පමණක් වන අතර විපක්ෂව ප්‍රාදේශීය සභා සභිකයින් 13න් දෙනෙකු ඡන්දය පාවිච්චි කර තිබුණා.

ඒ අනුව නොකඩවා තෙවැනි වරටත් කතරගම ප්‍රාදේශීය සභාවේ අයවැය වැය සම්මත කර ගැනීමට පොදුජන පෙරමුණු සභාපතිවරයා ප්‍රමුඛ පාලක පක්ෂයට හැකියාව ලැබුණේ නැහැ.

සිද්ධියත් සමඟ ප්‍රාදේශීය සභාවේ තරමක උණුසුම් තත්ත්වයක් මතු වූ අතර ඡන්දයෙන් අනතුරුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් ඉවතට ගිය සභාපතිවරයාට පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය සභා නියෝජිතවරුන්ගේ අප්‍රසාදය ද පළ කෙරුණා.