වල දමා සිටි බිළිඳිය ගොඩ ගනිද්දී හුස්ම ගනී

0
වල දමා සිටි බිළිඳිය ගොඩ ගනිද්දී හුස්ම ගනී
බිළිඳියක පණපිටින් වල දමා තිබියදී බේරාගත් පුවතක් චාවකච්චේරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

චාවකච්චේරි මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් විසින් ප්‍රසූත කළ බිළිඳියක් මෙලෙස පණ පිටින් වළ දමා ඇති බවට ග්‍රාම නිලධාරිනිය පොලිසියට දැනුම් දී ඇති අතර ඒ අනුව චාවකච්චේරි පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ බිළිඳිය ගොඩ ගෙන තිබෙනවා.

බේරාගත් බිළිඳිය හුස්ම ගන්නා බව තහවුරු වීම නිසා වහාම ඇයව චාවකච්චේරි රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළේ.

සිද්ධියක සම්බන්ධයෙන් ඇගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.