දෙමාපියන්ට රහසේ ගිය සිසුවාගේ සිරුර අඩි සියයක පමණ ප්‍රපාතයේ

0
Selfie - සිසුවාගේ සිරුර

මැදගම කරමැටිය මොරගොල්ල කන්ද තරණය කර එහි ගලක් මතට නැග මිතුරන් සමග සෙල්ෆි ජායාරූපයක් ගැනීමට ගිය තරුණයකු ගල ලිස්සා අඩි සීයක පමණ ප්‍රපාතයකට වැටී මරණයට පත්ව තිබෙනවා.

කරමැටියේ පදිංචි දහනව හැවිරිදි අකිල ඉමේෂ් මෙහිදී මරණයට පත්ව ඇති අතර තවත් තරුණයන් දෙදෙනකු සමග ඔහු මොරගොල්ල කන්ද තරණය කර ඇති බව වාර්තා වනවා.

සෙල්ෆියක් ගැනීමට ගල්තලාවක් මත පිහිටි විශාල ගලක් මතට නැග සිටියදී ලිස්සා යාමෙන් තරුණයා අඩි සීයක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබුණා.

ඔහු පවුලේ වැඩිමහල් දරුවා වන අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිට ඇති බව සඳහන්.

සිද්ධියෙන් කම්පනයට පත් අනෙක් තරුණයන් දෙදෙනා ගම්වාසින් එක්ව මැදගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇතැයි වාර්තා වනවා.

(https://liveat8.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)