තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වෙයි

0
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වෙයි
ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 14,182 දක්වා ඉහළගොස් ඇත.

මියගොස් ඇති පුද්ගලයන් අතරින් 15ක් පිරිමි පුද්ගලයන් වන අතර 09ක් කාන්තාවන් බව නිවේදනයේ සඳහන් වෙයි.

එසේම මෙම පිරිස අතර 60ට වැඩි පුද්ගලයන් 20 දෙනෙකු සිටින අතර සෙසු සිව්දෙනා අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් බව වාර්තා වී තිබේ.