රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනී සංථාවට

1
රෙජිනෝල්ඩ් කුරේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කර තිබේ.

මින් පෙර රූපවාහිනී සභාපතිවරයාව කටයුතු කල වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති වරයා ලෙසින් පත්වීම් ලැබ රූපවාහිනී සභාපති ධූරය හිස්ව පැවතුනි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස අද දින රාජකාරී ආරම්භ කල රෙජිනෝල්ඩ් කුරේ මහතා මින් පෙර ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙක් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් , ඇමතිවරයෙක් මෙන්ම උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.