පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

0
Mahindananda Aluthgamage Statement of Removel Glyphosate Ban Decision - පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට
රජය තීරණයක් ගෙන නොතිබියදී ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට උපදෙස්දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාරවරයා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ පුද්ගලයා ඊයේ දිනයේම එම තනතුරෙන් ඉවත් කිරීමට තමා උපදෙස් දුන් බව පැවසූ ඇමැතිවරයා ග්ලයිෆොසේට් තහනම යළි පැනවීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

රසායන සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වීමට මෙයට පෙර කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ පුද්ගලයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් පළිබෝධනාශක ගෙන්වීමේදීද මේ පුද්ගලයා එක්තරා සමාගමකට පක්ෂපාතව කටයුතු කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය.

රසායන පොහොර සමාගම් සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් පසුගිය කාලයේදී කටයුතු කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.