පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ට එරෙහිව විනය පියවර

0
පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ට එරෙහිව විනය පියවර
පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව විනය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා විසින් ඊයේ (22) පළිබෝධනාශක 5ක් භාවිතය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබු ගැසට් නිවේදනයක් අවලංගු කිරීම හේතුවෙනි.

අමාත්‍යවරයා පැවසුවේ‍, ඊයේ නිකුත්කළ නව ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ද තමා පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට නියෝග කළ බවය.