නීති විරෝධී ව අල්ලා ගත් අලි ඇතුන් ලියාපදිංචියට එරෙහි පෙත්සමේ නඩු විභාගය අද

0
Elephent case - නීති විරෝධී ව අල්ලා ගත් අලි ඇතුන් ලියාපදිංචියට එරෙහි පෙත්සමේ නඩු විභාගය අද
ශ්‍රී ලංකා රජය විසින් 2021 අගෝස්තු 19 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්, වාණිජමය කටයුතු සඳහා අලි ඇතුන් යොදාගැනීම, අලි ඇතුන්ගේ පෞද්ගලික හිමිකාරීත්වය හා සුබසාධනය අවම කිරීමට ඉඩ සැලසුණා.

නීති විරෝධී ලෙස වනාන්තරයෙන් අල්ලා ගන්නා ලද අලි ඇතුන් ලියාපදිංචි කිරීමට ද මේ හරහා අවසර ලැබී තිබෙනවා.

නීතිවිරෝධී ලෙස අල්ලා ගත් අලි ඇතුන් 15 දෙනෙකු ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි නැවත සැකකරුවන්ට ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ මෙම ගැසට් පත්‍රයට එරෙහිව සත්ත්ව සුබසාධක සංවිධානවල සාමාජිකයින් සහ වනජීවී සංරක්‍ෂකයින් කිහිප දෙනෙකු විසින් පෙත්සම් ගොනු කළා.

අද (23) වන දින, අභියාචනාධිකරණය විසින් අදාළ නීති විරෝධී ගැසට් පත්‍රයට එරෙහි මහජන නඩු විභාග කර මෙම අලි ඇතුන්ගේ ඉරණම තීරණය කරනු ඇති.

හෙට ශ්‍රී ලංකා අභියාචනාධිකරණය ගන්නා මෙම සුවිශේෂී තීන්දුව, රටේ වන ජීවීන්ගේ හෙට දවස තීරණය කිරීමට අමතරව බලය සහ දූෂණය හමුවේ නීතියේ ආධිපත්‍යය ක්‍රියා කරන ආකාරය ද පෙන්නුම් කරන කැඩපතකි.

මේ සඳහා වන සතුන්ගේ අයිතීන් හා සුබසාධනයට සහයෝගය දක්වා සත්ත්ව ලෝලීන්, සංරක්ෂණවාදීන් සහ ක්‍රියාකාරීන්ගේ පැමිණීම අපේක්ෂා කළ හැකියි.