සජබ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පාර්ලිමේන්තුව හැරයාමේ තීරණයක

0
Nalin Bandara Statement in Parliament - සජබ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පාර්ලිමේන්තුව හැරයාමේ තීරණයක

ලබන වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු පාර්ලිමේන්තුවෙන් ඉවත්වී පළාත් සභා ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට සූදානමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදී මන්ත්‍රිවරයා ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියේ හැකිනම් ලබන වසරේදී මැතිවරණයක් පවත්වන ලෙසයි.

ලබන වසරේදී මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය කොපමණදැයි දැකගත හැකිවනු ඇති බවයි නලින් බණ්ඩාර මහතා කියා සිටියේ.