කොවිඩ්වලින් ආරක්ෂා කරන්න එන්නත්වලට ගතවන කාලය

0
Covid 19 vaccine - කොවිඩ්වලින් ආරක්ෂා කරන්න

දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් එන්නත් හතරක් අනුමත කර ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරනවා.

ඇස්ට්‍රාසෙනිකා ,සයිනොෆාම් ,ස්පුට්නික් සහ ෆයිසර් එන්නත සඳහා අනුමැතිය හිමිව ඇති බවත් ඉන් කිසිදු එන්නතක් ලබාගෙන පසු දින වන විට ආරක්ෂාවක් නොමැති බවත්  ඇය පෙන්වා දෙනවා.

දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව ප්‍රතිශක්තිකරන පද්ධතිය දියුණු වී රෝග සඳහා මුහුණ දීමට අඩුම වශයෙන් සති දෙකක පමණ කාලයක් ගතවන බවයි ඇය කියා සිටියේ.

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන දින 28ක් පමණ ද සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාගෙන සති දෙකක් පමණ ද ඒ සඳහා ගතවන බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළා.

එන්නතේ තනි මාත්‍රාවකින් ප්‍රතිපල එතරම් බලාපොරොත්තු විය නොහැකි බවත් දෙවන මාත්‍රාවක් ද ලබාදෙන්නේ එනිසා බවත් ඇය පවසනවා.

එන්නත ලබාගත් පමණින් රෝගය වැළඳෙන්නේ නැතැයි කියමින් ප්‍රවේශමෙන් තොරව කටයුතු කිරීම ඉතා වැරදි බවයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරන්නේ.