ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමර්සන් වනාන්තරයට සිදු වන දේ

0
ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමර්සන් වනාන්තරයට සිදු වන දේ
ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමර්සන් වනාන්තරයට වසර 15කට පසු සිදුව ඇති ඉහළම හානි අගය වාර්තා කර තිබෙනවා.

බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මගින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගනිමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඇමර්සන් වනාන්තරයේ විනාශය වසරක් පාසා 22%කින් ඉහළ යන බවයි.

පසුගිය වසර තුළ ඇමර්සන් වනාන්තරයෙහි වර්ග කිලෝමීටර 13,225ක් අහිමි වී ඇති අතර, එය 2006 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි වාර්තා වන්නේ.

ඇමර්සන් වනාන්තරය ශාඛ විශේෂ මිලියන 3කට ආසන්න සංඛ්‍යාවකට නිජ භූමිය වන අතර, එහි ගෝත්‍රික ජනතාව මිලියනයකට ආසන්න පිරිසක් ජීවත් වනවා.

ඇමර්සන් වනාන්තරයේ වැඩි කොටසක් බ්‍රසීල ජනපති බොල්සෙනාරෝගේ පාලන සමය තුළ විනාශයට පත්ව ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

එහි කෘෂිකාර්මික කටයුතු සහ පතල් කැනීම් කටයුතු දිරිගැන්වීම මෙම තත්ත්වයට තවත් හේතුවක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.