දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්…

0
දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්...
දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.