මැගසින් බන්ධනාගාරයේ රථයක වන අලියෙකුගේ ගැටේ

0
මැගසින් බන්ධනාගාරයේ රථයක වන අලියෙකුගේ ගැටේ
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ සීගිරිය, දිගම්පතහ ප්‍රදේශයේදී අද (22) උදෑසන මැගසින් බන්ධනාගාර වෑන් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් එහි ගමන් ගත් බන්ධනාගාර නියාමකවරයෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි කේ.එම්. ප්‍රියන්ත කුලතුංග පෙරේරා නැමති නියාමකවරයෙකුයි.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට මඩකලපුව බන්ධනාගාරයට රැඳවුම්කරුවෙකු රැගෙන ගොස් භාර දී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී වන අලියෙකුගේ ගැටීමෙන් රථය මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.