ඩෙල්ටා උප ප්‍රභේදය පාසල් සිසුන් අතර පැතිර යාමේ අවදානමක්

0
ඩෙල්ටා උප ප්‍රභේදය පාසල් සිසුන් අතර පැතිර යාමේ අවදානමක්
මේ වන විට ඩෙල්ටා වයිසරයේ උප ප්‍රභේදයක් ප්‍රදේශ කිහිපයක පුරා පැතිර ඇති බැවින් එම ප්‍රභේදය පාසල් සිසුන් අතර පැතිර යාමේ අවදානමක් ඇති බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කරයි.

දෙසැම්බර් මාසයේ සිට සෑම සතියකම ෆයිසර් එන්තත් මාත්‍රා ලක්ෂ 30ක ප්‍රමාණයක් මෙරටට එවීමට ඇමරිකාවේ ෆයිසර් නිෂ්පාදන සමාගම එකඟ වී ඇතැයි ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කරයි.

මේ අනුව ලබන සතියේදී එන්නත් මාත්‍රා ලක්ෂ 19ක ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් තුන්වන මාත්‍රාව ලබාදීම සඳහා එය භාවිත කරන බවත් ඇමැතිවරයා පැවැසීය.