රෝහිණී කවිරත්න තිස්ස කුට්ටිට ‘බල්ලා’ කියයි (වීඩියෝ)

0
රෝහිණී කවිරත්න තිස්ස කුට්ටිට 'බල්ලා' කියයි (වීඩියෝ)
කුක්කුර ජාතකේ බල්ලාට මෙන් තිස්සකුට්ටිට ගෙරි හම් සුවඳ සහ චීන අසූචි සුවඳ ඉවසිය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්‍ර්තී රෝහිණී කවිරත්න පවසනවා.

සිය මුහුණුපොතෙහි සටහනක් තබමින් ඇය කියා සිටින්නේ, බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි කියන්නේ, කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මය බවයි.

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ද අප තථාගතයාණන් වහන්සේ දේශනා කළ පරිද්දෙන්, මී කිරියි – තණකොළයි කාලා දැන් වමනේ කරන්නෙකු බවට පත් වී ඇතැයි චෝදනා කරන්නේ ඉතා උපහාසයෙන් යුතුවයි.

ඇය පවසනුයේ මේ හේතුවෙන් පළාතේ ඉන්න බැරි තරමටම මුළු පාර්ලිමේන්තුවම ගඳ බවයි.

වැඩිදුරටත් සිය වාග් ප්‍රහාරය තීව්‍ර කරන ඇය විසින් පවසන්නේ, “රජගෙදර ඉන්නකල් ගෙරි හම් කාපු බල්ලා මරන්නේ නැතුවා වගේ, මේ රජ පවුල ගොවියෝ ටික මරාගෙන කන’ බවයි.

“ඒක ගැන කිව්වාම චීන අසූචි පොහොර, නැනෝ පොහොර, හොරා කාපු රජගෙදර එකා, බල්ලා ලිහලා මිනිස්සු පස්සේ පන්නන්න දානවා’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහණී කවිරත්න ඊයේ (22) රත්තොට පැවති මාධ්‍ය හමුවකදී සාකච්ඡාවක් අමතමින් සිනහ මුසු මුහුණින් යුතුව ප්‍රකාශ කළා.

මාධ්‍ය අමතමින් ඇය තවදුරටත් සඳහන් කළේ මෙයයි. “මම පාර්ලිමේන්තුවේ නැති වෙලාවක කුක්කුර ජාතකේ රජගෙදර බදුල්ලේ බල්ලා බුරලා තිබුණා.

“චීන අසූචි නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවනවා.

නැනෝ පොහොරවලින් රු. කෝටි 1100ක් හොරකං කරලා තියෙනවා. මේවා ගැන කියනකොට මොණරාගල – බදුල්ලේ ගොවියොන්ගේ ඡන්දෙන් ආපු උන්ට පිස්සු හැදෙනවා.

“මේ හොරකම ලංකාවේ එක ගොවි පවුලකින් රු. 8000ක් හොරකං කරලා තියෙනවා.

“මොණරාගල ගොවියෝ අතර මේ හොරා කාපු මුදල බෙදුවොත් එක් පවුලකට රු. හාර ලක්ෂ තිස් දහසක් ලැබෙනවා.” යැයි ඇය පවසනවා.

එමෙන්ම, මන්ත්‍රිනිය රජ ගෙදර බල්ලා ගැන කවියක් ද කියා සිටියේ මෙලෙසින්.

“රජමැදුරේ හැදුණු වැඩුණු – ලස්සන පෙනුමැතිව සිටින

රජ ගෙදර බල්ලන් හට – දඬුවමකුත් නැත්තේ..

රැකවල් නැති පිහිටක් නැති – අපටයි මේ දඬුවම්!”

යනුවෙන් බදුල්ල මොනරාගල ගොවියන් පවසන බව ද අය සඳහන් කරනවා.