රාජකීය, ආනන්ද, විශාඛා ඇතුළු පාසල් කිහිපයකට නව විදුහල්පතිවරු

0
රාජකීය, ආනන්ද, විශාඛා ඇතුළු පාසල් කිහිපයකට නව විදුහල්පතිවරු
කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක් ද ඇතුළුව ජාතික පාසල් අනූවකට නව විදුහල්පතිවරු පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ලබන මස දෙවැනි සතියේ දින හතරක දී අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, පන්නිපිටිය ධර්මපාල, නුගේගොඩ අනුලා, ගාල්ල රිච්මන්ඩ් ඇතුළු පාසල්වලට අදාළව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. සම්මුඛ පරීක්ෂණ අවසන් වූ වහාම එම පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය පවසයි.

පුරප්පාඩු ඇති වීමට මාස හයකට පෙර එම තනතුරු ගැසට් කිරීමේ සැලැස්මක් ද මේ වන විට අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි.