හිටපු පොලිස්පති පූජිත් ට එරෙහි නඩුවේ චෝදනා භාරදෙයි

0
හිටපු පොලිස්පති පූජිත් ට එරෙහි නඩුවේ චෝදනා භාරදෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනා අද (22) කොළඹ මහාධිකරණය හමුවේ කියවා භාර දී තිබේ.

එම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා විත්තිකරුවන්ට කියවා දෙනු ලැබීය.

වැඩිදුර නඩු විභාගය මේ වන විටත් පැවැත්වේ.