මන්ත්‍රීව කණුවක බැඳ ප්‍රදේශවාසීන් විසින් පොලීසියට බාර දෙයි

0
මන්ත්‍රීව කණුවක බැඳ ප්‍රදේශවාසීන් විසින් පොලීසියට බාර දෙයි
මත්පැන් පානය කර හිරිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ව ප්‍රදේශවාසීන් විසින් කණුවක බැඳ පොලීසියට බාර දෙනු ලැබූ පුවතක් පිළිබඳව අද සඳහන් කළා.

පානදුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන ඔහු , තවත් පිරිසක් සමග ගල්පාත ප්‍රදේශයට පැමිණ මත්පැන් පානය කොට ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අශෝභන ලෙස හැසිරී ඇති බවයි පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් එහිදී කියා සිටියේ.

ඒ අනුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක ඔහුව බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් ලබාදුන් ඇමතුමකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයාව නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර , සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කොට සිටි බවට තහවුරුව ඇතැයි ද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය කෙරුණා.

සැකකරු අද (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වනවා.