ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ‘බලාපොරොත්තුවකට’ කොවිඩ් හරස් වෙයි

0
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ‘බලාපොරොත්තුවකට’ කොවිඩ් හරස් වෙයි
සිම්බාබ්වේ වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරුව ඇතැයි වාර්තා වනවා.

ඔවුන් තිදෙනා නිරෝධායනයේ සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියේ සඳහන් වනවා.

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීම සඳහා මෙම කණ්ඩායම පිටත්ව ගොස් සිටින අතර පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.