ලාංකිකයන්ට වැදගත් ජංගම යෙදවුමක් ළගදීම

0
Introduce New Mobile Apps By NBRO - ලාංකිකයන්ට වැදගත් ජංගම යෙදවුමක් ළගදීම

නාය යන ස්ථාන පහසුවෙන් හඳුනාගත හැකි පරිදි ජංගම යෙදවුමක් (Mobile App) හඳුන්වාදීමට ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සැලසුමක් ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.

නායයෑම් අවදානම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කිරීමෙන් පසුව මෙම ජංගම යෙදුම මගින් එම ස්ථාන පෙන්නුම් කෙරෙන බවත්, නායයෑම් අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට සේම එම ප්‍රදේශ හරහා ගමන් බිමන් යන අයටද ආරක්ෂාවීමටමෙම යෙදුම ප්‍රයෝජනවත් වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

මෙම ජංගම යෙදුම ලබන මාසයේදී හඳුන්වා දීමට කටයුතු කරන බවද ඔහු පවසයි.