අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 229 දෙනෙක් අද (20) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අද දිනයේ දෛනික ආසාදිතයින් ගණන 725කි.

ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 555,927කි.

කොවිඩ් -19 ආසාදිතයින් 442ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 526,353 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් තවත් කොවිඩ් මරණ 22ක් වාර්තා වී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.