තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි

0
Loan from India for Fuel Import - තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි

බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

ඒ සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් ඉන්දීය රජය සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය .

ඩොලර් හිඟය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමේ දැඩි අසීරුතාවකට ඔවුන් මුහුණ දී ඇත.

බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීමෙන් ගිය සතියේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දමනු ලැබූ අතර ,එය යළි විවෘත කෙරෙන දිනයක්ද තවමත් ප්‍රකාශයට පත් වී නොමැත .

මේ අතර ,ඉකුත් සදුදා පැවැති කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ, ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 350 ක් අවශ්‍ය වන බවය

එම මුදල සොයාගැනීම බරපතළ අර්බුදයක් වී ඇතැයි ද ඔහු එහිදී සඳහන් කර ඇත .

මේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් ඉන්ධන ආනයනය සඳහා ඩොලර් කෝටි 50 ක හදිසි ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.