මල්වානේ ගෙදර මගෙ නොවේ.. අධිකරණයෙන් එය ඔප්පු වෙයි…

0
Basil Rajapaksa Statement of Malwana House - මල්වානේ ගෙදර මගෙ නොවේ.. අධිකරණයෙන් එය ඔප්පු වෙයි...

මාධ්‍ය වල වැඩි වශයෙන් අවධානයට ලක්වී තිබෙන අධිකරණයේ නඩු කටයුත්තක්ද ක්‍රියාත්මක වන මල්වාන නිවස තමන්ගේ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අධිකරණය මගින් එය ඔප්පු වනු ඇති බවද ඒ මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඔහු මෙසේ සඳහන් කරයි.

“මල්වානේ ගෙදර මගෙ නොවෙයි. ඒක උසාවියේදී ඔප්පු කරයි. ඒකට මම තවමත් උසාවි යනවා. ඊළඟ මාසේ නඩුව තියෙනවා. මං තාම විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනයි කියලා.”