මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය ලබන සතියේ ජනසතු වෙයි

0
Mirigama to Kurunegala Expressway Open Next Week - මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය ලබන සතියේ ජනසතු වෙයි

මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව සඳහන් .

මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත වනවා.

කිලෝමීටර් 40 ක දිගින් යුතු මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මංතීරු 4කින් සමන්විතයි.