කුරුඳුවත්තෙ හෝටලයක පිපිරීමක්

0
Blast in Kuruduwaththa Hotel - කුරුඳුවත්තෙ හෝටලයක පිපිරීමක්

කොළඹ රීඩ් මාවතේ පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසුම් හෝටලයක් තළ අද (20) අලුයම පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නිහාල් තල්දූව මහතා පැවසීය.

තුරග තරඟ පිටියේ ප්‍රේක්ෂකාගාරයේ පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලයේ මෙම හෝටලය පිහිටා ඇති අතර ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදු සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි හෙතෙම කීය.

ගින්න සැලවීමත් සමගම ගිනි නිවන හමුදාව එම ස්ථානයට ගොස් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුටවත් තුවාල සිදුව නොමැති බවත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටත් තොරතුරු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.