අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 236 දෙනෙකු අද (19) දිනයේදීත් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ සමග අද දිනට පමණක් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 745ක්.

මේ සමග කෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 555,204ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 351ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 525,911ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වී තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.